ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන  කණ්ඩායම සමග පැවැති තරගයෙන් ජය ගැනීමට ඇමරිකානු කණ්ඩායම සමත් වු​ණා

තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 159ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකා​නු කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 159ක් ලබාගැනීමත් සමග තරගයේ ලකුණු තත්ත්වය සමවුණා.

ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තෝරාගැනීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වු අතර එහිදී පළමුව පන්දුවට පහරදුන් ​ඇමෙරිකානු කණ්ඩායම නියමිත පන්දු 6 තුළ ලකුණු 18ක් රැස් කළේය.

ජයග්‍රාහී ලකුණු 19ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට සුපිරි පන්දුවාරයේ දී එක් කඩුල්ලක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 13ක් පමණි.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් එක්වු ​ඇමෙරිකානු කණ්ඩායම ප්‍රබල පාකිස්තාන කණ්ඩායම පරදවා ලකුණු 5ක ඓතිහාසික විස්සයි විස්ස තරග ජයක් හිමි කරගැනීමට සමත්වුණා.