ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට පාකින්සන් රෝගය වැළදී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ධවළ මන්දිර මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙවර ජනාධිපතිවරණයට තරගකරන ජෝ බයිඩන් පසුගියදා පැවැති හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග වූ විවාදයට ඉතා දුර්වල අයුරින් මුහුණ දුන් බව මාධ්‍ය වාර්තා කරන අතර ඉන් ඔහුගේ මහළු බව සහ මතක ශක්තියේ දුර්වල බව ඉන් හෙළිවූ බව ද සදහන් කර තිබුණි.
කෙසේ නමුත් අසූ හැවිරිදි ඔහු මෙම වසරේ දී තෙවරක් ස්නායු රෝග වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් බව ද සදහන්