ප්‍රධාන පෙරහැර පහක් එකම දිනයේ යෙදීම හේතුවෙන් කරඬුව වැඩම කරවීම සඳහා දළ ඇතුන් සම්බන්ධ කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසයි.

පෙරහැර සඳහා සම්බන්ධ කළ හැකි අලි ඇතුන් ඇත්තේ 70කට ආසන්න සංඛ්‍යාවක් බව එම සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පවසා සිටියා

“විශේෂයෙන්ම මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයත්, සබරගමු මහ සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යයත් ,එකම දිනවල යෙදීම නිසාත් ඇසල පුන් පොහොය දිනයේ ප්‍රධාන පෙරහැර 5ක එකම දිනක යෙදී තිබීම නිසාත් විශාල ගැටලුවක් වෙලා තියෙනවා .අලි ඇතුන් සපයා දීම. එහිදී කරඬුව වැඩම කරවීම හා දේවාභරණ වැඩම කරවීමට දළ ඇතුන් සොයාගැනීම විශාල ගැටලුවක් වෙලා තියෙනවා. දැනට අපිට හීලෑ අලි ඇතුන් 90ක් පමණ ඉන්නේ. එයින් විවිධ හේතු නිසා ඇතුන් ඉවත් කරාට පස්සේ අපිට ඉන්නේ 70කට ආසන්න ප්‍රමාණයක්.”