ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැති තුන්වෙනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 214ක් රැස් කළ අතර, ඇෆ්ගනිස්තානයද ලකුණු 214ක් රැස් කරමින් තරගය සමව අවසන් විය.

ඉන් අනතුරුව පැවැති සුපිරි පන්දුවාරයේදී ඇෆ්ගනිස්තානය ලකුණු 16ක් රැස් කළ අතර, අනතුරුව ඉන්දියාවටද රැස් කිරීමට හැකි වූයේ ලකුණු 16ක් පමණි.

ඒ අනුව තවත් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක විය. එහිදී ඉන්දියාව ලකුණු 11ක් රැස් කළ අතර, අනතුරුව ඇෆ්ගනිස්තානයට රැස් කළ හැකි වූයේ කඩුලු 02ක් දැවී එක් ලකුණක් පමණි.