ඇෆ්ගන් සහ පාකිස්තාන හමුදා දේශසීමාවේ දී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඇෆ්ගන් සිවිල් වැසියන් තිදෙනෙක් මියගොස් තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි .

තලිබාන් ප්‍රකාශකයෙක් මේ පිළිබදව පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

දෙරටේ දේශසීමාවේ පිහිටා ඇති Torkham නම් ප්‍රදේශයේදී එම ගැටුම සිදුව ඇති අතර තලිබාන් ප්‍රකාශකයා පවසා ඇත්තේ පාකිස්තාන හමුදා ප්‍රහාරයෙන් කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙක් මියගොස් ඇති බවයි.

මේ අතර පාකිස්තාන හමුදා ප්‍රකාශකයෙක් පැවසුවේ ඉන් සිය හමුදා භටයින් තිදෙනෙක් තුවාල ලැබූ බවයි.