ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ අද අලුයම දිවයිනට පැමිණියහ.

මෙම තරග සංචාරයට එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 03ක් සහ විස්සයි-20 තරග 03ක් ඇතුළත් වේ.

තරගාවලිය ආරම්භ කරමින් පෙබරවාරි 02වැනිදා කොළඹ එස්.එස්.සී. පිටියේදී ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතය.