ඇෆ්ගනිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් සරණාගත ක්‍රිකට් කණ්ඩායමක් පිහිටු වීමට සහාය වන ‌ලෙස ඉල්ලා ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ පාලනය තලෙයිබාන්වරුන් සතු වීමට පෙර එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ගිවිසුම ගත ක්‍රීඩිකාවන් ය.

ක්‍රීඩිකාවන් 17 දෙනෙකු ලිපියක් මඟින් මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි, ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම 2010 වසරේ දී පිහිටුවන ලද අතර තලෙයිබාන්වරුන් විසින් එය විසුරුවා හරිනු ලැබුවා.

කාන්තාවන්ට විශ්ව විද්‍යාල, උද්‍යාන, ක්‍රීඩා තහනම් කිරීම සහ ක්‍රීඩිකාවන්ගේ නිවෙස් වැටළීම් සිදු කළ බව ද සඳහන්.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට එහි ‘පූර්ණ සාමාජිකයන්’ අවශ්‍ය වන අතර, එයින් එකක් ලෙස ඇෆ්ගනිස්ථාන ජාතික කාන්තා කණ්ඩායම තවමත් පිළිගැනීමක් සහිතව පවතින බව ද ක්‍රීඩා මාධ්‍යවල දැක්වෙනවා.