ඉතාලියේ මොන්කොල්ෆෝන් නගරයේ සංස්කෘතික අගයන් තර්ජනයකට ලක්වී ඇති බැවින් එම නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මොන්කොල්ෆෝන් නගරයේ 30%ක් පමණ ජීවත් වන්නේ විදෙස් රටවලින් පැමිණි පිරිස වන අතර ඉන් බහුතරය බංග්ලාදේශ ජාතිකයින් වෙයි.

මෙම නගරය පාලනය කරනු ලබන්නේ උග්‍ර දක්ෂිණාංශික ලීග් පක්ෂයේ නගරාධිපතිනිය කි වන අතර ඔවුන් සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව බොහෝ දෙනාගේ අදහසයි