ඉතියෝපියාවේ සිදුවූ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය 21 වන ඉරිදා සහ ඊයේ (22) දිනයන්හි ගෝෆා ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාපතනය මෙම තත්වයට හේතු වී තිබෙනවා

නායයෑම් හේතුවෙන් තවත් පුද්ගලයින් පිරිසක් ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා

නායයෑම් වලින් මෙලෙස පීඩාවට පත් පුද්ගලයින් මුදාගැනීම සඳහා මේ වන විට සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා සිටිනවා