ශ්‍රී ලං​කා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය සඳහා කාන්තා නිලධාරිනියකගේ නමක් යෝජනා වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලගේ න​ම එලෙස යෝජනා වී ඇත.

සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස 2007 වසරේදී සේවයට එක් වුණු ඇය, රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතීවේදී උපාධිය හදාරා ඇත.