කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බෙංගල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශ වල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා සැලකිලිමත්වන ලෙස දන්වා අනතුරු අඟවා තිබෙන බව සදහන්

වයඹ සහ ඊට යාබද බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී සැප්තැම්බර් 08 වන දින 1800UTC වන විට උතුරු අක්ෂාංශ 18.9 ත් නැගෙනහිර දේශාංශ 86.3ත් ආශ්‍රිතව පැවති බව සඳහන් වේ.

මෙම පද්ධතිය ආසන්න වශයෙන් වයඹ දෙසට ගමන් කරමින් අද (සැප්තැම්බර් 09) 0600UTC ට පමණ ඉන්දියාවේ ඔඩිෂා වෙරළ හරහා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සඳහන් වේ.

උතුරු අක්ෂාංශ 13ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 83 සහ 95 ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ.කි.මී 70-75) සමගින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි‍යි .

පහත සිතියමේ “Warning” කාණ්ඩට යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී ඇත.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.