හින්දුස්ථානි සංගීතය වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටු කළ සම්මානනීයය සංගීතඥ Rashid Khan අද දින (09) අභාවප්‍රාප්ත වී තිබෙනවා. වසර 4ක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි ඔහු මිය යන විට 55 වන වියේ පසු වුණා.

“My Name is Khan,” “Jab We Met,” “Isaaq,” “Manto,” “Mausam,” “Bapi Bari Ja,” “Kadambari,” සහ “Mitin Masi” වැනි ස්මමානනීය චිත්‍රපට ඇතුළුව චිත්‍රපට විශාල ප්‍රමාණයක සංගීත නිර්මාණය කළ Rashid Khan පද්ම ශ්‍රී සහ පද්ම භූෂණ සම්මානවලින් ද පිදුම් ලැබූ ශ්‍රේෂ්ඨයෙක්. ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයට පියවිය නොහැකි පාඩුවක් වන මෙම සම්මානනීය සංඟිතඥයාගේ වියෝව වෙනුවෙන් සංගීත ක්ෂේත්‍රය ඇතුළු ව ඉන්දියානු කලාකරුවන් රැසක් ශෝක පණිවුඩ නිකුත් කර තිබුණා.