පසුගිය සතියේ තිරගත කිරීම් ඇරඹූ Jailer (දමිළ), Gadar 2 (හින්දි) Bhola Shankar (තෙලිඟු) සහ OMG 2 (හින්දි) චිත්‍රපට සියල්ල එක්ව නව වාර්තාවක් පිහිටුවා ඇති බව වාර්තා වනවා. ඒ, අළුතින් ප්‍රදර්ශනය ආරම්භ කළ චිත්‍රපට එක්ව සති අන්තයක් තුළ ලබා ගත් වැඩිම බොක්ස් ඔෆීස් ආදායම වාර්තා කරමින්.

එම චිත්‍රපට එක්ව උපයා ඇති සම්පූර්ණ බොක්ස් ඔෆීස් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 390 ඉක්මවා ඇති බව වාර්තා වන අතර, ඉන්දියාව තුළ පමණක් මෙම චිත්‍රපට නැරඹූ ප්‍රේක්ශක සංඛ්‍යාව (foot falls) කෝටි 2.10 ක් ඉක්මවන බවයි වාර්තා වන්නේ.