පසුගිය පැය 24 තු​ළ උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ යාමත් සමඟ තාපය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

ඊයේ දිනයේ ඔඩීෂා ප්‍රාන්තයේ රුර්කෙලා ප්‍රදේශයේ රජයේ රෝහලේදී මරණ දහයක් වාර්තා වී ඇත.

එසේම   බිහාර්, රාජස්ථාන් , ජාර්කන්ඩ් ප්‍රාන්තවලින් සහ ජාතික අගනුවර වන දිල්ලියෙන්ද තාප ආඝාත ආශ්‍රිත මරණ වාර්තා වී ඇති බව සඳහන්.

බිහාර් ප්‍රාන්තයේ මැතිවරණ රාජකාරීවල නිරතව සිටි නිලධාරීන් තිදෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු තාප ආඝාතය හේතුවෙන් මිය ගිය ගොස් ඇති බව සඳහන්.