ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් 60 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව ඉව්දෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩාර්ජිලින්ග් දිස්ත්‍රික්කයේදී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මගී ප්‍රවාහන අධිවේගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියකි.

අනතුරට ලක්වූ කන්චන්ජුන්ගා අධිවේගී දුම්රිය ඇසෑම් හි සිල්චාර් හි සිටි කොල්කටා බලා ධාවනය වෙමින් සිට ඇති අතර රන්ගාපානී දුම්රිය ස්ථානය ආසන්නයේදී මගී ප්‍රවාහන දුම්රිය පසුපසින් පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රිය එහි ගැටී අනතුර සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අනතුරින් පසුව දුම්රිය දෙකම පීලිපැන ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් 60කට වැඩි පිරිසක් රෝහල්ගත කිරීමට අදාල බලධාරීන් පියවර ගෙන ඇත.

අනතුරට හේතුව තවම නිශ්චිතව අනාවරණ වී නොමැත.