ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක අලුත උපන් බිළිඳුන් 12දෙනෙකු ඇතුළුව රෝගීන් 24 දෙනෙකු දිනක් තුළ මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔවුන් බොහෝ දෙනෙකු සර්ප විෂ ශරීර ගත වීමෙන් මිය ගොස් ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කර තිබේ.

මිය ගිය අය අතර බහුතරයක් බිළිඳියන් බව සඳහන් වේ.

මහාරාෂ්ට ප්‍රාන්තයේ විපක්ෂය චෝදනා කරන්නේ රෝහලේ වෛද්‍ය පහසුකම් සහ කාර්ය මණ්ඩලයේ හිඟකම මීට හේතුවී ඇති බවය.

එමෙන්ම එම චෝදනා රෝහල් බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.

මරණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වෛද්‍ය අධ්‍යාපන හා පර්යේෂණ අධ්‍යක්ෂවරයා කමිටුවක් පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.