නාගපට්ටිනම්, ත්‍රිකුණාමලය සහ කොළඹ යා කරමින් තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදිකිරීම සඳහා අයි. ඕ. සී. සමාගම යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ත්‍රිකුණාමල තෙල් ගබඩාකරණය, බලශක්ති කේන්ද්‍රස්ථානය සඳහා වන රජයේ සංවර්ධන සැලැස්ම, පිරිපහදුවල අනාගත වර්ධනය, තෙල් සහ ගෑස් ගවේෂණ, කලාපීය තෙල් ඉලක්ක කරන ගෘහස්ථ LP ගෑස් පර්යන්ත වෙත නල මාර්ග සම්බන්ධතා සළකා බැලීම සඳහා ද්විමාර්ග තෙල් සහ ගෑස් නල පද්ධතියක් සම්බන්ධයෙන් බලශක්ති ඇමැති කංචන විජේසේකර IOC වෙත යෝජනා ඉදිරිපත් කර ඇත.

ව්‍යාපෘති ශක්‍යතා, තාක්ෂණික අවශ්‍යතා තක්සේරු කර මෙම කටයුතු සිදුකෙරෙන බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, CPC, CPSTL, PDASL, IOC යන ආයතන සහ LIOC හි නිලධාරීන් ඊයේ(12) රැස්ව සාකච්ඡා කර තිබේ.