ඉන්දියාව විසින් සුදු සහල් වර්ග අපනයනය කිරීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.

එරට දේශීය සහල් මිල ගණන් ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් ඉන්දීය වී වගාවන්ට දැඩි හානි සිදු වී ඇති අතර පසුගිය මාස 12ක කාලය තුළ එරට සහල් මිල 11% කින් ඉහළ ගොස් ඇත.

එහෙත් මෙම තහනමට බාස්මතී සහල් අයත් නොවන බවයි විදෙස් වාර්තාවල සඳහන් වේ.

ඉන්දියාව විසින් බාස්මතී නොවන සහල් වර්ග ප්‍රධාන වශයෙන් අපනයනය කරනු ලබන්නේ, ආසියානු සහ කලාපයේ රටවලටය.

ගෝලීය සහල් සැපයුමෙන් 40% කට පමණ හිමිකම් කියන ඉන්දියාව ලොව විශාලතම සහල් අපනයනකරු ලෙස සැලකේ.

මේ හේතුවෙන් මෙම අපනයන තහනම ගෝලීය අහාර මිලට බලපෑම් එල්ල කරනු ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.