X ජාලයට විකල්පයක් ලෙස 2020 වර්ෂයේ ඉන්දියාව නිර්මාණය කළ Koo නම් ජාලය වසා දැමීමට තීරණය කර තිබෙනවා

එම තීරණයත් සමග  එය භාවිත කළ ඉන්දියානුවන් මිලියන ගණනක් අපහසුතාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම සමාජ මාධ්‍ය වේදිකාවේ නිර්මාතෘවරු පවසන්නේ අවශ්‍ය තරම් අරමුදල් නොලැබීම සහ තාක්ෂණය සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් ඔවුන් එම තීරණය ගත් බවයි.

Koo  තුළින් භා​ෂා 10කින් පණිවුඩ හුවමාරුකර ගැනීමට හැකියාව තිබුණු අතර ඉන්දීය රජය සහ X ජාලය අතර 2021දී මතභේදයක් ඇතිවීමෙන් අනතුරුව රජයේ අමාත්‍යවරු කිහිපදෙනෙක් ම Koo ජාලය භාවිත කිරීමට පෙළඹී තිබෙනවා

ඒ  හේතුවෙන් Koo  එය වඩාත් ප්‍රසිද්ධියට පත් වුණා

කෙසේ නමුත්  2021 වනවිට Koo මෙවලම මිලියන 20ක් පමණ පිරිසක් විසින් බාගත කරගෙන තිබුණු බව සදහන්