ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ සිව්වැනි තරගය අද රායිපූර්හි ෂහීඩ් වීර් නාරායන් සිං ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. කෙසේ නමුත් තරගය ආරම්භ වීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී ක්‍රීඩාංගණයේ ඇතැම් ස්ථානවල විදුලිය නොමැති බව වාර්තා වේ. ඒ එහි විදුලි බිල 2009 වසරේ සිට නොගෙවා ඇති බැවිනි. ක්‍රීඩාංගණයේ හිඟ බිල රුපියල් කෝටි 3.16ක් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් අද තරගයේ අවශ්‍යම ස්ථානවලට පමණක් ජෙනරේටර් යොදා විදුලිය ලබාදීමට සූදානම් බව වාර්තා වේ.