ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ ඉන්දියා පුවත්පත් මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

විෂයානුබද්ධ වැඩ මුළු හා වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම මගින් ජනමාධ්‍යවේදීන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම දෙපාර්ශ්වය අතර සම්පත් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජනමාධ්‍ය ආචාර ධර්ම වර්ධනය කිරීමට අදාළ ක්‍රියාකාරකම් සහ ජනමාධ්‍ය නිදහස සාමකාමී ජනමාධ්‍ය භාවිතය ප්‍රචලිත කිරීම වැනි ක්ෂේත්‍රයන් ට අදාලව සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ ඉන්දියා පුවත්පත් මණ්ඩලයේ වසර 5 ක කාලයක් සදහා අත්සන් කළ අවබෝධතා ගිවිසුම කල් ඉකුත් වන හෙයින් වසර පහක කාලයක් සඳහා නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී තිබේ.

ඒ සඳහා වන යෝජිත කෙටුම්පත් ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍යංශයේ එකගතාවය ලැබී ඇත.

මෙම ගිවිසුමට අත්සන් තැබීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.