මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවරයන් 21 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සමග ධීවර යාත්‍රා 04ක් ද නාවික හමුදාව භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (06) සිදු කරන ලද මෙහෙයුමකින් අදාළ යාත්‍රා සහ ධීවරයන් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ එහි සිටි ඉන්දීය ධීවරයන් තලෙයිමන්නාරම ජැටිය සහ කන්කසන්තුරය වරාය වෙත රැගෙන ගොස් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දීමට නියමිතව තිබේ.