ඉන්දියානු රූපවාහිනී නාලිකාවක් වන Zee Tamil හි Sa Re Ga Ma Pa Little Champs Season 3 හි අවසන් මහා තරඟය ශ්‍රී ලංකාවේ Kilmisha Yaazhisai ජයග්‍රාහකයා බවට පත්වෙමින් අවසන් විය.

Sa Re Ga Ma Pa යනු ඉන්දියාවේ තමිල්නාඩු රූපවාහිනී කර්මාන්තයේ ජනප්‍රිය ගායන වැඩසටහනක් වේ.

එම රියලිටි වැඩසටහනට ශ්‍රී ලංකාවෙන් අශානි සහ කිල්මිශා නම් දැරියන් දෙදෙනෙකු ඉදිරිපත් වු අතර අශානි නම් දැරිය අවසන් වටයට පෙර තරඟයෙන් ඉවත් වන්නට සිදුවිය.

කෙසේ නමුත් කිල්මිෂා යාෂිසායිගේ ජයග්‍රහණය ඉන්දීය රියැලිටි රූපවාහිනී වැඩසටහනක් ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාස ගත වේ.