ප්‍රවීණ සිනමාකරුවෙකු සහ නළුවෙකු වන ජී මාරිමුතු හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායි හි පෞද්ගලික රෝහලකදී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි..

අද පෙරවරු 8.30 ට පමණ ඔහු හෘදයාබාධයක් හේතුවෙන් නගරයේ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වි ඇත. රූපවාහිනී කතාමාලාවක් සඳහා ඔහුගේ හඬ කැවීමේ කටයුත්තක සිටියදී ඔහු ඇදවැටී ඇති අතර, පසුව ඔහුව පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇත. එහිදී ඔහු මියගොස් ඇති බව ප්‍රකාශ කළ බවයි වාර්තා වනුයේ.

දෙමළ චිත්‍රපට ක්ෂේත්‍රයේ බොහෝ සිනමාකරුවන්, නලු නිලියන් මෙම රංගන ශිල්පියාට උපහාර දක්වමින් ශෝකය පලකොට ඇති අතර Superstar Rajinikanth ඔහුගේ Jailer සම නළුවාට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ
“මරිමුත් අපූරු පුද්ගලයෙකි. ඔහුගේ මරණය මා කම්පනයට පත් කළේය. ඔහුගේ වියෝව සමබන්ධයෙන් ඔහුගේ පවුලට මාගේ හදපිරි ශෝකය’ යනුවෙනි.