එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත් උණුසුම්ම තරගය ලෙසින් ක්‍රියාත්මක වූ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයෙන් කඩුලු 07ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ඉනිම ලකුණු 191කට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

තරගයේ පිත්තෙන් සාර්ථක වීමට හැකිවූයේ පාකිස්තාන නායක බාබර් අසාම්ට සහ කඩුළු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්ට පමණි. එහිදී බාබර් අසාම් ලකුණු 50ක් සහ මොහොමඩ් රිස්වාන් ලකුණු 49ක් රැස් කළහ.

පන්දු යැවීමේදී ඉන්දීය පන්දු යවන්නන් වන මොහොමඩ් සිරාජ්, ජස්ප්‍රිට් බුම්‍රා හර්දික් පාන්ඩ්‍යා, කුල්දීප් යාදව්, රවින්ද්‍ර ජඩේජා කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවෝ පන්දුවාර 30.3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියහ.

එහිදී ඉන්දීය නායක රෝහිත් ශර්මා ලකුණු 86ක් සහ ශ්‍රියාස් අයියර් ලකුණු 53ක් රැස් කිරීමට සමත් විය. තරගයේ වීරයා සම්මානය ජස්ප්‍රිට් බුම්‍රාට හිමි විය.