ලබන සිකුරාදා (16) දිනයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා

ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ දක්වා මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතයි

පුද්ගලික සමාගමක් විසින් මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමේ අවස්ථාව ද ලබාදී තිබෙනවා

ඊයේ (12) දිනයේ සිට මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කර ගත හැකි බව අදාළ සමාගම දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම මගී යාත්‍රා සේවය මීට පෙර මැයි මස 13 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද විවිධ හේතු නිසා එය කල්දමනු ලැබීය.