ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබන ලාභය අඩු කිරීමට තීරණය කිරීම හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ මෙරට ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදු වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනු​ව ඉදිරියේ දී ඉන්ධන මිල දැවැන්ත ලෙස අඩු කිරීමට රජය කටයුතු කර ඇති බව  බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා

මෙරට මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය මේ මස 30 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල අඩු වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 84.71ක්.WTI වර්ගයේ බොර තෙල් බැරයක් අලෙවි කරන්නේ ඩොලර් 80.33කටයි.