පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇප නියම කර ඇත.

ඒ ඔහුට එරෙහිව ඇති රාජ්‍ය රහස් අනාවරණ කිරීමේ චෝදනාවට අදාළවය. ඇමෙරිකානු රජය සහ පාකිස්ථාන රජය අතර හුවමාරු වූ රහස්‍ය රාජ්‍ය ත‍්‍රාන්තික ලිපියක් ද ප්‍රසිද්ධියට පත්වූ අතර, එය මුල් කරගනිමිනුයි ඉම්රාන් ඛාන්ට එරෙහිව අධි චෝදනා ගොනු කෙරිණ.

කෙසේ වෙතත් විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඔහුට එරෙහිව ඇති අනෙක් චෝදනා හමුවේ ඔහු බන්ධනාගාරයෙන් නිදහස ලබන්නේ ද යන්න මේ මොහොතේ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවය.

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා අවස්ථා ගණනාවකදී වරෙන්තු නිකුත් කෙරුණු අතර, පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා දූෂණ චෝදනාවකට අදාළව බන්ධනාගාර ගතව පසුවේ.