බටහිර ඉරාකයේ අල් අසාද් ගුවන් කඳවුරට ප්‍රහාරයක්  එල්ලවී තිබෙනවා

එම ප්‍රහාරයෙන් එක්සත් ජනපද නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජනපද නිලධාරීන් රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබෙනවා.

පසුගිය සතියේ හමාස් සටන්කාමීන්ගේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ඝාතනය කිරීමෙන් පසු ඉරානය විසින් සිදුකළ හැකි නව ප්‍රහාර රැල්ලක් සඳහා මැදපෙරදිග සූදානම්ව සිටින පසුබිමකයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

අල් අසාද් ගුවන් කඳවුරට රොකට් ප්‍රහාර දෙකක් එල්ල කළ බව ඉරාක ආරක්ෂක ආරංචි මාර්ග පවසන අතර ඒවා කඳවුර තුළට වැටී ඇති බවයි තව ආරක්ෂක මූලාශ්‍රයක් පවසන්නේ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය හමාස් නායකයා ඝාතනයට එරෙහිව ඉරානය විසින් කළ ප්‍රතිප්‍රහාරයක් දැයි නිශ්චිත නැති බවත් ඉරාකය සඳහන් කරනවා.