පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකා වල කරන කතා සළකා බලන විට මේ සියලු දේශපාලන නායකයන් සිරගතව සිටිය යුතු බවත් ඒ සම්බන්ධව දේශනා කිරීමට හෝ කතාකිරීමට කිසිවෙකුටත් සදාචාරාත්මක අයිතියක් නැති බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසා සිටියා

සිරගතව සිට ඇප මත නිදහස්ව අධිකරණයෙන් පිටතට පැමිණි උන්වහන්සේ මාධ්‍ය අමතමින් පැවසුවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ සියලු තොරතුරු රටේ වගකිව යුතු පුද්ගලයන්ට සහ පාර්ශව වලට හෙළිකළේ ශ්‍රී ලාංකීය බෞද්ධයන් ආරක්ෂා කිරීමට පමණක් නොව රටේ සියලු ජනතාවගේ යහපත වෙනුවෙන් බවයි.

“2014 ජුනි මස 20 වැනිදා දික්වැල්ල ප්‍රදේශයේදී ෂේක්වරයෙක් හමුවනවා. ඉස්ලාම් ආගමට අපහාසයක් වන පරිද්දෙන් මේ රට තුළ උන්මත්තක ආගමික කල්ලි මේ ආසියාවේ භයානකම අත්හදා බැලීම කරන්න තෝරගෙන තිබෙන්නේ ලංකාවයි. අනේ හාමුදුරුවනේ මේක ගිහිල්ලා ආරක්ෂක ලේකම්තුමාට කියන්න කියලා එදා අපට කිව්වා. ඒ අනුව එදා අපි ගිහිල්ලා කරුණු වාර්තා කෙරුවා. මේ කරුණු ටික කිව්වායින් පස්සේ මේ රටේ ආරක්ෂක අංශ තිබියදීත් මේක පිපිරුවානේ. මේක සියලුම අන්තවාදී මුස්ලිම් බලවේග ටික ගිහිල්ලා කොහෙද හැංගුණේ. ජනතා විමුක්ති පෙරමුණ සහ එදා යහපාලන ආණ්ඩුව ගේන්න වැඩකරපු ජාතික ජන බලවේගය හැටියට හිටිය ඒක අස්සේ තමයි ගිහිල්ලා හැංගුණේ. මම දැක්කා ඊයේ අනුර කුමාර මහත්තයා ජපානයේ ඉඳලා කියනවා මම ආවොත් බලයට අග මුල හොයන්නම් කියලා. එයා තමයි අග මුල දන්නේ මොකද එයා ළඟ තමයි පුපුරන කල්ලි ඔක්කොම ටික හිටියේ. ඒක තමයි මේකෙ තිබෙන කැත කතාව.

මේ සිද්ධිය දැනගත්තු වහාම මම කාදිනල්තුමා හම්බුවෙලා මම කිව්වා සහරාන් කියලා මිනිහෙක් ඉන්නවා ඉන්නේ කාත්තන්කුඩි, ප්‍රහාරයක් එනවා, කඩු කිණිසි අරගෙන සැරි සරනවා මිනිසුන්ට එළියට බහින්න දෙන්නේ නැහැ, කතෝලිකයන්ට ප්‍රහාරයක් එනවා. එතුමා මොකක්ද අපිට කිව්වේ. හාමුදුරුවනේ අපිත් මේ කතාව දන්නවා මේක නවත්ත ගන්න අපි ඌරු කොටු හදනවා කිව්වා. ඒක තමයි එතුමාගේ උත්තරය වුණේ.

දැන් ඇවිල්ලා මොනවද කතා කරන්නේ, මේ ඉස්ලාම් නාමයෙන් එන මේ උන්මත්තක අන්තවාදය එලෙසමයි, ඒගොල්ලෝ රට ඇතුළේ කතාකරන මොහොතෙත් යම් යම් තැන්වල පුහුණුවීම් ආදී කටයුතු වෙනවයි කියලා අපිට මුස්ලිම් ප්‍රජාවම ඇවිත් කියනවා. ආයි අපි හිරේ දැම්මත් කතා නොකර නිවට නියාලුව ඉන්නේ නැති බව වගකීමෙන් කියනවා”