ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එරට සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු විදෙස් ශ්‍රමිකයන් සඳහා හදිසි අවස්තාවක් ඇති වූවහොත් ක්‍රියාකිරීම සඳහා දුරකථන අංක කිහිපයක් සහ මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බන්ඩාර මහතා ප්‍රකාශ කළේ, මේ වන විට ශ්‍රී ලංකිකයින් 11,000ක් පමණ ඊශ්‍රායලයේ සේවය කරන බවත් ඉන් 70%ක් පමණ සාත්තු සේවකයන් ලෙස සේවය කරන්නන් බවත්

ඉතිරි 30% කෘෂිකාර්මික සහ ඉදිකිරීම් අංශයන්හි සේවය කරන බව නිමල් බණ්ඩාර මහතා සඳහන් කළා

මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොගන්නා ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දෙයි

කිසියම් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට පහත සඳහන් දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබාගත හැකියි.

එම්. එච්. එම්. එන්. බණ්ඩාර -තානාපති
වට්ස්ඇප් අංකය – +9471 664 0560

ඊ. ආර්. එම්. එස්. එච්. ඒකනායක – නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි
වට්ස්ඇප් අංකය – +9471 844 7305

වයි. සී. නිල්මිණි අබේගුණවර්ධන – උපදේශක
වට්ස්ඇප් අංකය – +9471 683 3513