ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින ගැටුම් වහා නැවැත්වීම සඳහා සටන් විරාමයක් ගෙන ඒමට මැදිහත් වන්නැයි ඉල්ලමින් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න් වෙත විවෘත ලිපියකින් ඉල්ලීමක් සිදු කිරීමට හොලිවුඩ් ශිල්පීන් කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

Artist 4 Ceasefire ලෙස හඳුන්වා ඇති ශිල්පීන් කණ්ඩායමක් විසින් ජනාධිපති වරයා වෙත යොමු කළ ලිපියෙන් අවධාරණය කර ඇත්තේ, පසුගිය කාල සීමාව තුල පුද්ගලයින් 5000කට මරු කැඳවමින්, සෑම මිනිත්තු 15කටම වරක් කුඩා දරුවකුගේ ජීවිතය අහිමි කරවන මෙම කුරිරු යුද්ධයට විරාමයක් තැබීමට ජනපති බයිඩ්න් ඇතුළු ලෝක නායකයින් කඩිනමින් පියවර ගත යුතු බවයි.