ටෙල් අවිව් හි ​පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊශ්‍රායල යුද කැබිනට් ඇමති බෙනී ගැන්ට්ස් ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබෙනවා .

ගාසා තීරයේ පශ්චාත්-ගැටුම් සැලසුම් සම්බන්ධයෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ කණ්ඩායමේ එකිනෙකා අතර ගැඹුරුවන බෙදීම්වල සලකුණක් ලෙස  මෙම හදිසි ඉල්ලා අ​ස්වීම සිදුව ඇතැයි බොහෝ විචාරකයන් මත පල කරනවා .

කෙසේ වෙතත් තම යුද කැබිනට් ඇමතිවරයාගේ ඉල්ලා අස් වීම පිළිබඳව X හි සටහනක් සමඟ ප්‍රතිචාර දක්වමින්, ඊශ්‍රායල අගමැති නෙතන්යාහු පවසා ඇත්තේ, මෙය යුද ව්‍යාපාරයෙන් ඉවත් වීමට කාලය නොව, බලවේගවලට සම්බන්ධ වීමට කාලය බවයි.

මේ අතර ඊශ්‍රායලය විපක්ෂ නායක ‍Yair Lapid, Benny Gantz ගේ තීරණය “වැදගත් සහ නිවැරදි” ලෙසට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට සහාය දක්වා තිබෙනවා.