හිස්බුල්ලා සටන්කරුවන් විසින් ගෝලාන් කඳුකර ප්‍රදේශයේ පිහිටි පාපන්දු පිටියකට එල්ලකළ මිසයිල ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ අවසන් කටයුතු සිදුකර තිබෙනවා

මෙම ප්‍රහාරයෙන් දරුවන් සහ තරුණයින් ඇතුළු 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

මේ අතර ඊශ්‍රායලයේ යුද කැබිනෙට්ටුව විසින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකළ යුතු බවට ආ යෝජනාව සම්මත කර තිබෙනවා

හිස්බුල්ලා සටන්කාමීන් ට ඉරානයේ සහාය නිරතුරුව ලැබෙන බැවින් ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර යුද්ධයක් ආරම්භවීමට ඉඩ ඇති බවයි.