ගාසා තීරය සහ ඊජිප්තුව අතර දේශසීමාවේ ස්වාරක්ෂක කලාපයක් වන ෆිලඩෙල්ෆි කොරිඩෝ​වේ පාලනය තමන් යටතට ගෙන ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

ඒ පලස්තීන භූමියේ සම්පූර්ණ භූමි දේශසීමාව කෙරෙහි ඊශ්‍රායලයට තම බලගතු බලය පතුරුවාලිය හැකි බවට ඉඟි ලබා දෙමින්.

ඒත් සමගම රෆා නගරයට එරෙහි ප්‍රහාර නතර කරන ලෙස ජාත්‍යන්තර අධිකරණයේ නියෝගය නොතකා ඊශ්‍රායලය දකුණු ගාසා තීරයේ රෆා වෙත සිය මාරාන්තික වැටලීම් දිගටම පවත්වාගෙන යන බව සඳහන්.