සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දෛනික දීමනාව ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් මේ වන විට ඉදිරිපත් කර ඇති බව කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.

එම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු කඩිනමින් අදාළ තීරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

දැන​ට ලබාදෙන රුපියල් 1,450ක දෛනික දීමනාව ප්‍රමාණවත් නොමැති බව පවසමින් ප්‍රදේ​ශ කිහිපයක විභාග මධ්‍යස්ථාන අසළ සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතුවල නිරත වූ ගුරුවරුන් පිරිසක් විරෝධතාවයක නිරත විය.

කෙසේ නමු​ත් ඒ සම්බන්ධයෙන් ගුරු සංගම් කරන ලද ඉල්ලීම් සලකා බලා උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට ලබාදෙන දෛනික දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.