උතුරු කොරියාව විසින් බැලිස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇති අතර එක් බැලස්ටික් මිසයිලයක් අක්‍රමවත් පියාසැරියක් අතරතුර අසාර්ථක වී පුපුරා ගොස් රට අභ්‍යන්තරයටම කඩා වැටෙන්නට ඇති බවට  දකුණු කොරියානු හමුදාව සැක පළකරනවා       .

ඔවුන් තවමත් මෙම දියත් කිරීම විශ්ලේෂණය කරමින් සිටින අතර, උතුරු කොරියානු දේපළ වලට හානියක් සිදුවී ඇත්ද යන්න තහවුරු කර නොමැති බව හමුදා ප්‍රකාශක ලී සුං-ජූන් පවසා තිබෙනවා.

උතුරු කොරියාව කිලෝමීටර් 600ක් පමණ පියාසර කළ කෙටි දුර බැලස්ටික් මිසයිලයක් සහ කිලෝමීටර් 120ක් පමණ පියාසර කළ දෙවැනි බැලස්ටික් මිසයිලයක් බටහිර වෙරළට ආසන්න ප්‍රදේශයකින් එල්ල කළ බව දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් මීට පෙර ප්‍රකාශ කළා.