උතුරු ටැන්සානියාවේ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙකු මියගොස් තවත් 80 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එරට ජාතික ආරක්ෂක හමුදා ගලවා ගැනීමේ ප්‍රයත්නයන් සඳහා යොදවා ඇති බව සඳහන් වේ.

අයහපත් කාලගුණයෙන් නිවාස හා යටිතල පහසුකම්වලට ද හානි සිදුවී ඇත.

පසුගිය මාසයේ ටැන්සානියාවේ, සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් ඇතිව ඇති අතර ඒ හේතුවෙන් Dar es Salaam අගනුවර සහ Kigoma, Kagera, Geita සහ Unguja යන ප්‍රදේශවල ජීවිත හා දේපළ විනාශ වි ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

රටේ ඇතැම් ප්‍රදේශවල වගාවන්ට දැඩි ලෙස හානි සිදුව ඇති අතර, එය ජනතාවගේ ජීවනෝපායට බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ටැන්සානියාවේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ වර්ෂාව මේ මාසයේ දිගටම පවතිනු ඇති බවය.