ශ්‍රී ලංකාවේ අභිනව පොල් ත්‍රිකෝණය ලෙසින් ‘ උතුරු පොල් ත්‍රිකෝණය ‘ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් යාපනය පලෙයිහි ආදර්ශ පොල් වගා උයනේදී ආරම්භ කෙරිණි.

ලෝක පොල් දිනය සැමරුමට සමගාමීව ” උතුරට කප්රුක – උතුරු පොල් ත්‍රිකෝණය ” යන තේමාවෙන් උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම ඇතුලත් වන පරිදි යාපනය , මුලතිව් , මන්නාරම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගෙන මෙම උතුරු පොල් ත්‍රිකෝණය ආරම්භ විය.

ඉදිරි වසර පහ ඇතුලත මෙරට පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 2 දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ එහිදී පවසා ඇත.