මෙරට පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන් අද (05) සිදු කර ඇත.

අදාළ වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනු ලැබුවේ ඊ – ජනගහන ලේඛන වැඩසටහන යටතේය.

මෙම ජාතික වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඩිජිටල් තාක්ෂණය හරහා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ජාතික උප්පැන්න සහතිකයට ලැබෙන අංකය ජාතික හැඳුනුම්පත් අංකය බවට පරිවර්තනය වන බවය.