ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් උපාධිධාරීන් 1,706 දෙනෙකුට ජාතික පාසල් ගුරු පත්වීම් ලබා දී තිබේ.

අද (ජූලි 3) අරලියගහ මන්දිරයේදී මෙම පත්වීම් ලබා දීමේ උත්සවය පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ iii ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකු සඳහා පත්වීම් ලබා දීම සිදු කළ බව​ත ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 453ක් දෙනෙකු සඳහා ද ගුරු පත්වීම් ප්‍රදානය කර ඇති බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරට​ත් සඳහන් කර ඇත.