මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද(29) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතෙක් තහනම් වෙයි.

ඒ අනුව විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා දීම හා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ඒ පිළිබඳ ප්‍රචාරය කිරීමද තහනම් වනු ඇති බවත්, එවැ​නි කටයුතු සිදුකරන පුද්ගලයින් හෝ කණ්ඩායම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව​ත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙවර අපොස උසස් පෙළ විභාගය ලබන මස 4 වැනිදා ආරම්භ වන අතර 31 වැනිදා දක්වා එය පැවැත්වේ.