කිසිදු විධිමත් අවසරයකින් තොරව චීනයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ සොසේජස් ඇතුළු ශීත කළ මස් නිෂ්පාදන තොගයක ඌරු උණ වෛරසය (African swine fever virus) අඩංගු බව තහවුරුවී ඇතිබව වාර්තාවේ.

මෙම මස් නිෂ්පාදන තොගය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව හොර රහසේ මෙරට වෙළඳ පොළට නිකුත් කිරීමට ආනයනය කර තිබියදී රේගු සහ නිරෝධායන අංශ නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

වැලිසර පිහිටි ෆින්ලේ සමාගමේ ශීත ගබඩාවක තිබීයදී රේගු නිළධාරීන් විසින් පරීක්ෂණ නියැඳි ලබාගත් මෙම මස් තොගයට ශීත කරන ලද නැවුම් තාරා මස් කිලෝ ග්‍රෑම් 2560 ක්, ශීත කරන ලද නැවුම් කුකුළු මස් කිලෝ ග්‍රෑම් 171 ක්, තායිවාන් ග්‍රිල් සොසේජස් කිලෝග්‍රෑම් 56 ක්, තාරා ඔලු කිලෝ ග්‍රෑම් 132 ක්, ඌරු සම් කිලෝ ග්‍රෑම් 12 ක්, කුකුළු තටු කිලෝග්‍රෑම් 20 ක් සහ ස්වීට් කෝන් රෝල් සොසේජස් කිලෝග්‍රෑම් 288 ක් ඇතුළත් බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

“African swine fever virus” නැමැති වෛරසය අප්‍රිකානු සූකර උණට බලපාන ලද රෝග කාරකය වෙයි.

වෛරසය ඌරන්ගේ ශරීර තුලට ඇතුලුවූ පසුව රක්තපාත උණ රෝගය ඇති කරන අතර,එහි බලපෑම මත ගෘහස්ථව ඇතිකරන ඌරන්ට මෙන්ම වල් ඌරන්ටද ඇතිවේ.

වෛරසය ආසාදනය වීමෙන් සතියක කාලයක් තුළදී එම සතුන් මිය යාමට හැක.

මෑතක්දී වියට්නාම කෘෂිකාර්මික ඇකඩමියේ මහාචාර්යවරුන් කරනා ලද පරීක්ෂණයකට අනුව සූකර උණ මිනිසුන්ට කෙලින්ම බලනොපානා මුත් එමගින් ගොවිපොළ සතුන් අතර වසංගතමට්ටමින් පැතිර යා හැනි බව තහවුරුව ඇත.

මේ වන විට ආරක්ෂිතව තබා ඇති එම මස් තොගය අද 18 දින විනාශ කිරිමට නියමිතය.

යම් හෙයකින් මෙම වෛරසය සමාජගත වූයේනම් එමගින් මෙරට ඌරු ගොවිපොළ මුළුමනින්ම විනාශව යාමේ අවධනාමක් තිබූ බව පශු සම්පත් ක්ෂේත්‍රයේ ඇතැමුන් පවසා ඇත.