අද අළුයම ඌව පරණගම ප්‍රදේශයේ පිහිටි සෙරෙප්පු ගබඩාවක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය, අඹගස්දෝව පොලීසිය, ඌවපරණගම ප්‍රාදේශීය සභාව එක්වී දැඩි වෙහෙසක් යොදා ගින්න පාලනය කර ඇති බව සඳහන්.

ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පොලීසිය පවසයි