සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත් විය.

තරගය පැවැත්වුණේ ඇන්ටිගුවාහි, සර් විවියන් රිචඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංලගන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස් කළේය. එහිදී හැරී බෘක් ලකුණු 71ක් සහ සැක් ක්‍රවුලි ලකුණු 48ක් රැස් කළහ.

අනතුරුව පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම පන්දුවාර 48.5 අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 326ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය. එහිදී කොදෙව් නායක ශයි හෝප් නොදැවී ලකුණු 109ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

මේ අනුව තරග 03කින් සමන්විත තරගාවලිය තරග 1-0ක් ලෙස ඉදිරිය ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය.