මෙවර ලෝක කුසලාන තරගාවලියේ දෙවනි තරගය ලෙස නෙදර්ලන්තය සමඟ පැවැති තරගයෙන් ලකුණු 81ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 286ක් රැස් කිරීමට සමත් විය.

එහිදී මොහොමඩ් රිස්වාන් සහ සෞඩ් ශකීල් ලකුණු 68 බැගින් රැස් කළහ.

පන්දු යැවීමේදී නෙදර්ලන්තය වෙනුවෙන් Bas de Leede ලකුණු 62කට කඩුලු 4ක් බිඳහෙළීය.

අනතුරුව ලකුණු 287ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 41ක් තුළ සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 205ක් පමණි.

එහිදී Bas de Leede ලකුණු 67ක් සහ Vikramjit Singh ලකුණු 52ක් රැස් කළහ.

පන්දු යැවීවේදී Haris Rauf කඩුලු 03ක් බිඳ හෙළීය. තරගයේ වීරයා සම්මානය සෞඩ් ශකීල්ට හිමි විය.