2024 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය අද ( මැයි 21 ) දහවල් 12.00 ට ආරම්භ වීමට සියලු කටයුතු සූදානම්ව පවතින බව තරඟාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩංවල ප්‍රකාශ කරයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය ඉන්දීය ප්‍රසිද්ධ වෙන්දේසිකරුවෙකු වන චාරු ශර්මා විසින් මෙහෙයවන අතර විවිධ වර්ගීකරණ ඔස්සේ ක්‍රීඩකයින් 400 කට වැඩි පිරිසක් වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

ක්‍රීඩක වෙන්දේසීය රූපවාහීනී සහ ඩිජිටල් මාධ්‍ය​ය ඔස්සේ සජීවීව විකාශනය කිරීමටද නියමිතව තිබේ.

ඔබට ක්‍රීඩක වෙන්දේසිය නැරඹිය හැකි සියලු ආකාර පහතින් දැක්වේ.