එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අද (18) ඇමරිකාවේදී ආරම්භ වීමට නියමිතය.

මහා මණ්ඩල සැසිවාරයට සමගාමිව පැවැත්වෙන 2023 තිරසාර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක සමුළුව ද අද ආරම්භ වේ.

එම සමුළුව ලබන 22 වනදා දක්වා පැවැත්වේ.

තිරසාර සංවර්ධන ඉලක්ක සමුළුව පැවැත්වනුයේ 2023 වෙනුවෙන් පරිවර්තනිය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයින්ට මාර්ගෝපදේශ සැපයීමේ අරමුණෙනි.

මෙම සමුළුවට එක්වීමට ඇමරිකාවට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (18) රාජ්‍ය නායකයන් කිහිපදෙනෙක් සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.