ඔක්තෝබර් 12 වන දිනට පෙර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

ගාල්ලේදී එක්සත් ජාතික පාක්ෂිකයන් සමඟ පැවති හමුවකදී ඔ​හු මේ බව ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් නියමිත දිනයකදී දැනුම් දෙනු ඇති බවත් වජිර අබේවර්ධන මෙහිදී පවසා ඇති ඇත.

එමෙන්​ම ඔහු තවදුරටත් පවසා ඇත්​තේ, ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අනුව ඔක්තොම්බර් 17 අවසාන දිනය බවත් ඒ අනුව මැතිවරන කොමසාරිස්වරයාට දින 7ක කාලයක් ලබා දෙන්නේ නම් ඔක්තොබර් 12 වන දිනට ප්‍රථමයෙන් මැතිවරණය පැවැත්විය යුතුව පවතින බවත් ය.