ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් යොමු කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියා පටිපාටි වෙත සිවිල් ක්‍රියාකාරීන් 21 දෙනෙකුගේ අත්සනින් යොමුකර ඇති මෙම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට එරෙහිව මැදිහත් වන ලෙසය.

විශේෂයෙන්ම මෙම පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය විය හැකි බවටත් මෙම පනත් කෙටුම්පතට දේශීය හා ජාත්‍යන්තර විරෝධතා රැසක් එල්ල වී ඇති බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා ඇත.

මෙම පනත් කෙටුම්පත හරහා බලයේ සිටින රජය පටු, පක්ෂග්‍රාහී සහ මර්දනකාරී මානසිකත්වයක් ප්‍රදර්ශනය කරමින් විවේචන යටපත් කිරීමට පියවර ගනිමින් සිටින බවද ගජමිතුරන් සඟවාගෙන විරුද්ධත්වය මැඬලීමේ උත්සාහයේ යෙදෙන පාලකයෝ නීතියේ ආධිපත්‍යය අනතුරේ හෙළමින් රට අරාජික තත්ත්වයකට ඇද දමමින් සිටින බවද මේ පැමිණිල්ල පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුහු පෙන්වා දෙති.

සම්පූර්ණ නිවේදනය පහතින්
Urgent Appeal – Follow up Intervention Against the Passage of the Online Safety Bill in Sri Lanka – 08 Jan2024 (1) (4) (1)